Home World News Room : බ්‍රසීල පාපන්දු තරුවක් ස්ත්‍රී දූෂණයකට වරදකරු වෙයි

News Room : බ්‍රසීල පාපන්දු තරුවක් ස්ත්‍රී දූෂණයකට වරදකරු වෙයි

5
0

කාන්තාවකට ලිංගික අතවර කළ බවට වැරදිකරු වූ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනී අල්වේස් ව සිරගත කර තිබේ.

2022 වසරේදී බාසිලෝනා නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී අල්වේස් විසින් කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ලවූ අතර ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කරමින් වසර හතරහමාරක සිරදඩුවම් නියම කර ඇතැයි රෝයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ නමුත් එම සිදුවීම දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවූවක් බව අල්වේස් පවසා ඇතැයි ද සදහන් වේ.

නමුත් එය පිළිනොගත් අධිකරණය ඔහුට එරෙහිව වසර 4 1/2ක සිර දඬුවමක් දුන් අතර වින්දිත කාන්තාවට ඩොලර් 163,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

40 හැවිරිදි ඩැනී අල්වේස් ව, පසුගිය වසරේ ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර එතැන් සිට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here