හිටපු අගමැති ශෙබාස් ෂරීෆ් අගමැති ධුරයට යෝජනා කරමින් පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වය සහ බිල්වාල් භූතෝගේ පාකිස්තාන මහජන පක්ෂය එක්ව හවුල් රජයක් පිහිටුවීමට එකඟතාවකට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා පැවැති මහමැතිවරණයෙක් කිසිදු පක්ෂයකට රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට නොහැකි වූ අතර, පක්ෂයේ ඡන්ද ලකුණ තහනම් කිරීම හේතුවෙන් ස්වාධීන අපේක්ෂකයන් බවට පත්වූ ඉම්රාන්ගේ ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ නියෝජිතයෝ වැඩිම ආසන සංඛ්‍යාවකට හිමිකම් කීමට සමත් වූහ. කෙසේ වුවද රජයක් පිහිටුවීමට එය ද ප්‍රමාණවත් නොවීය. ශෙබාස් ෂරිෆ්ගේ සහ බිල්වාල් භූතෝගේ හවුල් රජයට තවත් සුළු පක්ෂ කිහිපයක් එක්වීමට නියමිත බව ද වාර්තා වේ.
The post පාකිස්තානයට හවුල් ආණ්ඩුවක් appeared first on දිනමිණ.