48
ලබන වසරේ සිට වෛද්‍ය විද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව දෙදහසකින් වැඩි කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ඊයේ වන විට දකුණු කොරියාවේ කනිෂ්ඨ වෛද්‍යවරු 8,800ක් සෞඛ්‍ය සේවයෙන් ඉවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත ගැබිනි මවුවරුන්ගේ සීසේරියන් සැත්කම් අවලංගු කිරීමටත්, පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කල් දැමීමටත් රෝහල් බලධාරීන්ට සිදු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එරට පුහුණු වෛද්‍යවරුන්ගෙන් 71%ක් මේ වනවිට සේවයෙන් ඉවත්ව සිටින බවත්, දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දක්වා අර්බුදය දිග්ගැස්සෙමින් තිබෙන බවත්, දකුණු කොරියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.






