ආසියාවේ දෙවැනි ධනවතා වන ගෞතම් අදානි ඇතුළු ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් රැසක් බංග්ලාදේශයේ ව්‍යාපෘති රැසකට එක් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයන්ට බංග්ලාදේශයේ ආයෝජන සහ ව්‍යාපෘති සඳහා වැඩි ඉඩකඩක් ලැබී ඇත්තේ පසුගියදා බංග්ලාදේශයේ පැවැති මහමැතිවරණයෙන් පස්වැනි වරටත් අගමැති ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාව සමඟ ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ෂෙයික් හසීනා කටයුතු කිරීමත් සමඟ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ගෞතම් අදානි බංග්ලාදේශයේ ගල් අඟුරු බලාගාරය සහ යෝජිත සූර්ය හා ජල ව්‍යාපෘති සඳහා එක් වී සිටින අතර, රිලායන්ස් සමාගම බලශක්ති ව්‍යාපෘති සඳහා ඉදිරිපත් වී ඇතැයි ද, ටාටා සමාගම, හීරෝ සමාගම, සන්, ගොඩ්රිච් සහ සියැට් ටයර් සමාගම් ද ඉදිරියේදී බංග්ලාදේශයේ ව්‍යාපෘති සඳහා එක්වනු ඇතැයි ද වාර්තා වේ. ඉන්දියාවේ වර්ධනය වෙමින් පවතින ආර්ථිකය සහ එරට උපායමාර්ගික පිහිටීම හඳුනා ගනිමින් බංග්ලාදේශය එරට ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබා දී ඇතැයි ද, බලශක්ති, ඇඟලුම්, ඖෂධ වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසකට ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයන් එක්වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
The post අදානි බංග්ලාදේශයට appeared first on දිනමිණ.






