Home World News Room : ලොව උසම මිනිසා මිටිම ගැහැනිය කැලිෆෝනියාවේදී හමු වෙති

News Room : ලොව උසම මිනිසා මිටිම ගැහැනිය කැලිෆෝනියාවේදී හමු වෙති

0
0

ලොව උසම මිනිසා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන තුර්කි ජාතික සුල්තාන් කෝසෙන් සහ ලොව මිටිම ගැහැනිය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන ඉන්දීය ජාතික ජොයිති අම්ගේ පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මුණ ගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එකිනෙකාට හාත්පසින්ම වෙනස් මේ අසාමාන්‍ය පුද්ගලයන් දෙදෙනා එකට එක්වී සිටින අයුරු දැක බලා ගැනීමට ජනතාව එක්රොක් වූ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

41 හැවිරිදි සුල්තාන් කෝසෙන් අඩි 8කුත් අඟල් 2.8ක් උසැති පුද්ගලයකු වන අතර, අඩි දෙකක් උසැති 30 හැවිරිදි ජොයිති අම්ගේ සහ සුල්තාන් අතර උස පරතරය අඩි 6ක් බවත් වාර්තා වේ. කෝසෙන් උසම මිනිසා ලෙස ගිනස් වාර්තාපොතට ඇතුළත් වූයේ 2009 වසරේදිය. උසින් පමණක් නොව දිගම දෑතට ද ඔහු හිමිකම් කියන අතර, ඔහුගේ මැණික් කටුවේ සිට මැදැඟිල්ලේ අන්තිම කෙළවර දක්වා දිග සෙන්ටිමීටර් 11.22ක් බව ද වාර්තා වේ. ජොයිතිගේ උස දෙහැවිරිදි දරුවකුගේ සාමාන්‍ය උසට සමාන වන අතර, 18 හැවිරිදි වියේදී ඇගේ බර කිලෝග්‍රෑම් 5ක් පමණක් බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here