Home World News Room : ඩොලර් මිලියන 320ක ජැක්පොට් දිනුමට වැරදි අංක ලොතරැයි හිමිකරු...

News Room : ඩොලර් මිලියන 320ක ජැක්පොට් දිනුමට වැරදි අංක ලොතරැයි හිමිකරු නඩු දමයි

0
0

 

ඩොලර් මිලියන 320ක ජැක්පොට් දිනුමක් ලැබූ බවට වැරදීමකින් නිවේදනය කළ අංක හිමි ලොතරැයි පත මිලදී ගත් අමෙරිකාවේ වොෂින්ටන් නුවර පුද්ගලයකු වොෂින්ටන් නුවර පවර්බෝල් ලොතරැයි කාර්යාලයට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය ජනවාරි මාසයේදී දිනුම් අදිනු ලැබූ පවර්බෝල් අංක ලෙස තමා මිලදී ගත් ලොතරැයි පතේ අංක නිවේදනය කළ බවත්, පළමු ත්‍යාගයට හිමි ඩොලර් මිලියන 340ක මුදල ලබා ගැනීමට ලොතරැයි කාර්යාලයට ගිය මොහොතේ එය වැරදීමකින් සිදු කළ නිවේදනයක් බව කියමින් ත්‍යාග මුදල ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත් ජෝන් චීක්ස් නමැති එම පුද්ගලයා සඳහන් කර තිබේ.

මේ සිදුවීමෙන් දැඩි මානසික ආතතියකට පත් වූ බව කියමින් ජෝන් චීක්ස් ලොතරැයි කාර්යාලයට එරෙහිව එම නඩුව පවරා ඇතැයි වාර්තා වේ. තමාට හිමි ඩොලර් මිලියන 320ක මුදලත්, ඒ සඳහා දිනකට උපයා ගත හැකිව තිබූ පොලියත් එකතුව ඩොලර් මිලියන 340ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු එම නඩුව ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here