122
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ක්‍රීඩා මණ්ඩලය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව 49 වැනි වරටත් සංවිධාන කළ විවෘත සැතපුම් දෙකේ පිහිනුම් තරගාවලියේ පිරිමි අංශයෙන් පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ නිරෝධ තීක්ෂණ සමත් වූ අතර, එම විදුහලේ ශෙහාරා අනුහන්සි කාන්තා අංශයෙන් පළමු ස්ථානය දිනා ගත්තාය.
ඊයේ (18) අම්බලන්ගොඩ තානායම් භූමිය අසල මුහුදු තීරයේදී පැවති මේ තරගාවලියේ පිරිමි ඉසව්ව නිමා කිරීමට නිරෝධ තීක්ෂණ මිනිත්තු 40යි තත්. 56.09 කාලයක් ගත කළ අතර, මරදාන සාන්ත ජෝසප් විදුහලේ ආකර්ෂ ප්‍රභාෂ්වර මිනිත්තු 41යි තත්. 00.05කින් දෙවැනි ස්ථානයටත් එම විදුහලේම මෙත්වාන් ප්‍රනාන්දු දි(මි. 41 තත්. 14.40) තෙවැනි ස්ථානයටත් පත් වූහ.
කාන්තා ඉසව්වේදී ශෙහාරා අනුහන්සි මිනිත්තු 48යි තත්.25.42ක් වාර්තා කරද්දී, අම්බලන්ගොඩ ප්‍රජාපති විදුහලේ දුනිති හෙසාරා දෙවැනි ස්ථානය හිමි කර ගත්තේ මිනිත්තු 48යි තත්. 41.44කිනි. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ අනර්කලී ද සිල්වා (මිනිත්තු 48යි තත්. 44.05) තෙවැනි ස්ථානයට පත් වූවාය.
මේ පිහිනුම් තරගාවලිය සඳහා දිවයිනේ පාසල් සහ පිහිනුම් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 216 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 46 දෙනෙක් සහභාගි වූහ.
ඡායාරූප – කරන්දෙණිය සමූහ
කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන