නැගෙනහිර පළාතේ ඉරිදා දින සහ පොහොය දිනවල සිංහල මාධ්‍යයයෙන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති බව නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසානායක පවසයි.
mawbima.lk සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව, ඉරිදා දිනවල පස්වරු 2.00 දක්වා හා පොහොය දිනවල උපකාර පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ, දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබීමට කාලයක් නොමැති බව ත් දිගින් දිගට ම මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගත් බව ත් ය.
එසේ ම, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය උතුර, කන්තලේ, අම්පාර, මහඔය හා දෙහිඅත්තකණ්ඩිය යන අධ්‍යාපන කලාප තුළ ද මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.