Home Local News Room : කටුනායක සිංගප්පූරු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර අගැයීමකට

News Room : කටුනායක සිංගප්පූරු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර අගැයීමකට

1
0

සිංගප්පූරු ගුවන් සේවය ලොව පුරා පිහිටි ගුවන් තොටුපොළවල සේවය කරන සිය කාර්ය මණ්ඩල අතරින් 2023 වසරේ හොඳ ම කාර්ය මණ්ඩලය ලෙස කටුනායක ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩලය තෝරා ගෙන ඇත.

එහිදී ගුවන් මගී සේවා, ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් කටයුතු, ආසන වෙන් කිරීම්, කාර්යක්ෂම සහ සුහදශීලී සේවා කටයුතු, සන්නිවේදන සේවා ආදී විවිධ අංශ අගැයීමකට ලක් කර තිබේ.

මේ සඳහා වූ සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් දින (අගෝ.15) සිංගප්පූරුවේ, ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවති අතර එම සම්මානය ලබා ගත්තේ, සිංගප්පූරු ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු දිල්රුක්ෂි කුඩාලියනගේ ඇතුළු පිරිසකි.

ලෝකයේ ගුවන් සේවා අතරින් හොඳ ම ගුවන් සේවය ලෙස 11 වතාවක් සිංගප්පූරු ගුවන් සේවය නම් කර තිබේ.

එම සමාගම සතුව නවීන ගුවන් යානා 300කට අධික සංඛ්‍යාවක් ඇති අතර, ඔවුහු ලොව පුරා රටවල් 64ක් සමග ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here