මහා සංඝරත්නයේ අවවාද උපදෙස් අනුව අනාගත රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. එසේම මේ අවස්ථාවේදීද ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද හා උපදෙස් පිළිපැදීමට තමා බැඳී සිටින බවද මහාසංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි සෑම අවස්ථාවකදීම නිර්ව්‍යාජව නිවැරදිව අධිෂ්ඨානශිලීව ජනතා කේන්ද්‍රීය ගමන ක්‍රියාත්මක කරන්න සූදානම් බවද මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා හදපත්ලෙන්ම පිළිගන්නා බවද විපක්ෂනායකවරයා සඳහන් කළේ ඊයේ (30) භික්ෂු උපදේශක සභාවේ සමාරම්භක උත්සවය අමතමිනි. ප්‍රශංසා කළ යුතු වෙලාවට ප්‍රශංසා කිරීමේත්, අවවාද කළ යුතු වේලාවට අවවාද කිරීමේත් සහ දොස් කිවයුතු වෙලාවට දොස් කීමේත් අයිතිය මහා සංඝරත්නයට ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා ප්රමුඛව අනෙකුත් ආගමික නායකයන්ගේ අවවාද උපදෙස් පිළිගෙන සැම අත්වැල් බැඳගෙන ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයකින් තොරව අප අපේ මාතෘ භූමිය ගොඩ නැගීමට එක්විය යුතු බවද හෙතෙම පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ අදත් හෙත් අනිද්දාත් බොහෝ වැදගත් බවයි. “දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ නෑ කියලා රටට ලෝකෙට කියලා දැන් කියනවා දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරන බව. අර්ථ සාධක අරමුදලට අත තියන්නේ නෑ කියලා, දැන් කරන කියන සුපිරි පොහොසත අධි පොහොසතා පැත්තකින් තබා වැඩ කරන ජනතාවට පොඩි මිනිසාට සාමාන්‍ය ජනතාවගේ කර පිට විශාල බරක් පටවලා.“ යැයිද විපක්ෂනායකවරයා පැවසීය.