රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ
ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ රටේ අනාගතය ගොඩගැනීමට මිස වෙනත් පටු පරමාර්ථයක් උදෙසා නොවන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.
ජනාධිපති සතු සියලු දේපළ රජයට පැවරීමට තීරණය කර තිබෙන මොහොතක එවන් පුද්ගලයකුගේ සිතේ අයිති කර ගැනීමේ සිත් පහළ නොවන බවද අත්හැරීම පමණක් සිතේ ජනිත වන බවද පෙන්වා දෙයි.
මේ වැඩපිළිවෙළ නතර කිරීමට ගන්නා සියලු උත්සාහයන් රට බංකොලොත් භාවයෙන් නිදහස් කර ගැනීමට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළක් බව පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිවරිය 2022 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය දේශීය හා විදේශීය ඩොලර් මිලියන 83,000ක් වන බවද එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 128ක් වන බවද පවසයි.
Òමේ නිසා අපට ඩොලර් සොයා ගැනීම මෙන්ම රුපියල් ලබා ගැනීමටත් අවශ්‍ය වුණා. ඒ කටයුත්ත තමයි අසීරුම වුණේ. ඒ නිසා අපට තිබුණු එකම විකල්පය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකළොත් ඉදිරියේ දී රටේ කිසිම සංවර්ධන කටයුත්තක් අපට කිරීමට නොහැකි වෙනවා. මේකද රටේ විපක්ෂයක් කළ යුත්තේ.වැටුණු තැනින් රට ගොඩගන්න පුළුවන් වර්තමානයේ සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහයි. එය ලෝක සත්‍යයක්. එහෙම කියන්නේ මුළු ලෝකයේම බලවතුන් පවා රනිල් වික්‍රමසිංහගේ තීරණවලට ගරු කරන නිසයි.
මේ කාරණාව සම්බන්ධයෙන් විපක්ෂයේ කොයි කවුරුත් දැනුම්වත් අතර අපේ දේශපාලකයන්ගේ හිත්වල තිබෙන ඊර්ෂ්‍යාව, කුහකකම නිසා ජනතා සේවය කියන එක ඔවුන්ගේ සිත්වලින් මැකී ගිහින් තිබෙනවා.
රනිල් වික්‍රමසිංහයන් ගැන විපක්ෂයේ ද ඇත්තේ ජෙලස් එකක් ඒකයි ඇත්ත. ඒකයි බොරු ගෝනි බිල්ලන් මවමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළන්නේයි ද පැවසීය.