Home Politics News Room : ජනතා වරම ‍යළි බිහි කළ හැක්කේ ඡන්දයකින් පමණයි

News Room : ජනතා වරම ‍යළි බිහි කළ හැක්කේ ඡන්දයකින් පමණයි

4
0

ජනතාව දුන් ජනවරම නැවත බිහි කළ හැක්කේ මහජන ඡන්දයකින් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (29) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. පළාත් පාලන පනත සංශෝධනය කරමින් අදාළ ඇමැතිවරයාට ජනතා පරමාධිපත්‍ය බලය පවරන උත්සාහයක ආණ්ඩුව නිරත වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ලෙස අප මෙය පරාජය කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබාගැනීමට සියලු දෙනාම කටයුතු කළ යුතුයැයිද ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here