Home Politics News Room : සමාජය මීට වඩා ශිෂ්ට සම්පන්න කරන්න පුළුවන් අධ්‍යාපනයක් ඕනෑ

News Room : සමාජය මීට වඩා ශිෂ්ට සම්පන්න කරන්න පුළුවන් අධ්‍යාපනයක් ඕනෑ

3
0

සමාජය මීට වඩා ශිෂ්ට සම්පන්න, කාරුණික කළ හැකි අධ්‍යාපනයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්න්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

මන්ත්‍රීවරිය එසේ ප්‍රකාශ කළේ පසුගියදා (27) කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි. එහිදී ඇය මෙසේද ප්‍රකාශ කළාය: “මානව සම්පත රැකගැනීමේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් තමයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය. ආණ්ඩුවේ ප්‍රධාන වගකීම වන ජනතාව රැකගැනීමට නම් පාලකයන් මේ ක්ෂේත්‍ර දෙක කෙරෙහි අවධානය යොමු කළ යුතු වනවා. එහෙත් අද වන විට මේ ක්ෂේත්‍ර දෙකම බරපතළ අවදානමක තිබෙනවා. විශ්වවිද්‍යාල කියන්නෙ සමාජ ප්‍රගමනය සිදු කරන, අලුත් ඉදිරි පිම්මක් දෙන, දැනුම නිර්මාණය කරන තැනක් විය යුතුයි. 1978දී ඇති කළ ආර්ථික මොඩලය මඟින් ලෝකයේම අර්බුද ඇති කර තිබෙන බවට අද පිළිගෙන තිබෙනවා. මේ ආර්ථික ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක වීමට අප ඉඩ දිය යුතු නැහැ. මේ මොහොතේ වෙනස් වී තිබෙන, ලෝක තත්ත්වය ඉල්ලන මානුෂීය, සමාජීය වටිනාකම් තිබෙන, මානව සම්පත දියුණු කරන සමාජ පරිවර්තනයක් අත් කරගන්න නම් මේ විනාශකාරි ගමන නවතාදැමීමට කටයුතු කරමු.“

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here