Home Politics News Room : සුදුසුකම් ඇති සියලු දෙනාටම ‘අස්වැසුම’ දෙනවා එජාප සභාපති, මන්ත්‍රී...

News Room : සුදුසුකම් ඇති සියලු දෙනාටම ‘අස්වැසුම’ දෙනවා එජාප සභාපති, මන්ත්‍රී වජිර අබේවර්ධන

1
0

“අස්වැසුම ව්‍යාපෘතියට කිසිම කෙනෙක් බය වෙන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න නිසා කවුරුවත් බොරුවට දඟලන්න වුවමනා නෑ. සුදුසුකම් තිබෙන සියලු දෙනාටම අස්වැසුම දෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂයේ කරන්දෙණිය ආසන බල මණ්ඩල පිහිටුවීම නිමිත්තෙන් කරන්දෙණිය ප්‍රධාන සංවිධායක, නීතිඥ නුවන් සොමිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24) කරන්දෙණිය මහඒදණ්ඩ නගරයේදී පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“ජේ. ආර්. ජයවර්ධන මහතා 1978දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, පක්ෂ ව්‍යවස්ථාවත් මාරු කර ජනාධිපති වුණා. ඒ අනුව ඉදිරියේදී පක්ෂයේ ව්‍යවස්ථාව මාරු කරන්න අදහසක් තිබෙනවා. මනාප ක්‍රමය ගෙනාවේ ජේ. ආර්. ජයවර්ධන මහතා නොව ප්‍රේමදාස මහතායි. ජයවර්ධන මහතා ආණ්ඩු කාලය දිගු කරගත්තේ ජනමත විචාරණයක් තියලා ජනතාවගෙන් අහලයි. මනාප ක්‍රමය තිබුණා නම් 1983දී අතුරු මැතිවරණයක් තියන්න වෙන්නේ නෑ.

2001දී මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, විදුලිබල මණ්ඩලය ආදිය බංකොලොත් වෙලා තිබෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ නඟන්න ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කරද්දී 2004දී ආණ්ඩුව වෙනස් කළා. 2014දී රට නැවත වැටී තිබෙද්දී රනිල් මහතා රට භාරගෙන යද්දී දින පනස් දෙකේ ආණ්ඩුවක් පිහිටුවා කඩා දැම්මා. අපි 2020දී පුබුදමු ශ්‍රී ලංකා කියලා කොළයක් දුන්නා. එය කුණු බක්කියට වීසි කර දැම්මා. දැන් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතික්ෂේප කළ ඒ කොළයයි.”

 

කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන, ගාල්ල දිස්ත්‍රික් සංචාරක – ධර්මදාස

සිරිවර්ධන සහ අහුන්ගල්ල සමූහ –  අනුර යසමිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here