Home Politics News Room : රටට නව දේශපාලන උපතක් අවශ්‍යයි ජාජබ විධායක සභික සමන්ත...

News Room : රටට නව දේශපාලන උපතක් අවශ්‍යයි ජාජබ විධායක සභික සමන්ත විද්‍යාරත්න

2
0

මේ රටට නව දේශපාලන උපතක් අවශ්‍ය බවත්, ඒ උපත කෙටි කාලයකදී බිහි කරන බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (24) කටුගස්තොට, අඹතැන්නේදී පැවති ජාතික ජන බලවේගයේ හාරිස්පත්තුව ආසන සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“වංචාවෙන් සහ දූෂණයෙන් තොර අලුත් පන්නයේ ප්‍රතිපත්තිවලින් සැඳුම්ලත් දේශපාලන උපතක් රටට අවශ්‍යයි. නව දේශපාලන උපතකට කාලය මෙයයි. මේක තමයි අවසාන අවස්ථාව. ඒක මඟ හරින්න බෑ. ඔක්කොම එකට එකතු වෙලා මේ නව දේශපාලන උපත ගබ්සා කරන්න මහන්සි වෙමින් ඉන්නවා. අපි ඔබට පොරොන්දු වෙනවා, කිසිම ආබාධයක් වෙන්න නොදී මේ උපත සිදු කරනවා කියලා. අම්මේ, තාත්තේ දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ ඔබ කොයිතරම් මහන්සි වෙනවද ඒ කලලය රැක ගන්න. ඒ උපදින දරුවට රටක් හදන්න නම් නව දේශපාලන උපතක් සිදු විය යුතුමයි. නිදහස ලැබී වසර 75යි. මේ අවුරුදු 75ම සිදු වූ දේශපාලන උත්පත්තියෙන් රටට කිසිදු පලක් වී නෑ. වසර 75ම මේ රටේ විනාශයට මඟ පෑදුවා. ඒක වැළැක්වීමේ අවස්ථාව තමයි දැන් ඇවිත් තියෙන්නේ. අපේ ජයග්‍රහණය වළක්වන්න විවිධ උත්සාහයන් ගන්නවා. ඔබලා හිතනවද බන්දේසියක තියලා මේක අපට දේවි කියලා. නෑ, එහෙම ලැබෙන්නේ නෑ. මීළඟ මැතිවරණයේදී එක ඡන්ද දායකයකුට ලක්ෂය බැගින් දී ඡන්දය ගන්න සූදානමක් තියෙනවාලු. ලක්ෂයක් දුන්නත් බෑ කියන්න. අනාගතය ගැන හිතා ඡන්දය මාලිමාවට දී පාලකයන්ට පාඩමක් උගන්වන්න.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here