Home Politics News Room : මාලිමාව දිනන නිසා ඡන්ද තියන්නේ නෑ

News Room : මාලිමාව දිනන නිසා ඡන්ද තියන්නේ නෑ

3
0

ජාතික ජන බලවේගය දිනනවාය කියන තහවුරුව රටේ තිබෙන තුරු මොන ඡන්දයක්වත් ලේසියෙන් තියන්නේ නැහැ. මේ පාලකයන් ඡන්ද පවත්වන්නේ නැති අතර ඡන්ද බලෙන් ගන්න වෙන්නේ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත් දින අනුරාධපුරයේ පැවති උද්ඝෝෂණයකට එක් වෙමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය: “අධිකරණය එහෙම තීන්දුවක් දී තිබියදී ඒ තීන්දුවට පයින් ගහලා අධිකරණයට අපහාස කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු නොකරන පාලනයක් තිබෙන්නේ. ව්‍යවස්ථාව කඩලා, පළාත් පාලන නීති උල්ලංඝනය කරලා යන මේ ගමන භයානකයි. දින නියමයක් නැතිව සභිකයෝ හිස් කරලා යන ගමන තවත් භයානකයි. මේ කරුණු දෙක විතරක් සැලකිල්ලට ගත්තත්, පාරට බැහැලා සටන් කරලා, අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගැනීම අත්‍යවශ්‍යයි. රටට අලුත් ආරම්භයක් ගන්න විදිහක් නැතිව ඉන්නේ මේ පාලකයින් මැතිවරණය හිරකරගෙන ඉන්න නිසයි. අනික් මැතිවරණවලටත් දැන් අභියෝගයක් එමින් තිබෙනවා. ජනමත විචාරණ කතා කියන්නේ, 1982 ජේ.ආර්. ජයවර්ධන ජනමත විචාරණයක් තියලා හොර ඡන්දවලින් දිනලා පාර්ලිමේන්තු මැතිවරණය කල්දැම්මා. එදා සංවර්ධන සභා ඡන්දයේදී විශේෂයෙන් යාපනයේත් රට පුරාත් භීෂණයක් හැදුවා. පරදී කියන හැමතැනකම, සෑම මොහොතකම රනිල්ලා භීෂණය මුදාහැරලා ඡන්ද කඩාකප්පල් කරලා, පක්ෂ තහනම් කරලා ඡන්දවලින් පැනලා ගියා. දැන් තව පැත්තකින් ජනාධිපතිවරණයක් ගැනත් කියනවා. පොහොට්ටුවේ 2/3ක ඡන්දය අරගෙන රනිල්ට ජනාධිපති වෙන්න පුළුන් කියලා ඉක්මන් ජනාධිපතිවරණයක් ගන්නවාලු. පළාත් පාලන ඡන්දයට පයින් ගහලා වෙනත් ඡන්ද ගැන කතා කිරීම ගැන අපි ආණ්ඩුවට කියන්නේ දින නියමයක් නැතිව කල්දමා තිබෙන පළාත් පාලන ඡන්දය වහාම තියපල්ලා කියලා.“

අනුර ප්‍රේමලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here