Home Politics News Room : ගිය මාස 6ට ශ්‍රීලංකන් නියමුවන් 70ක් ඉවත් වෙලා

News Room : ගිය මාස 6ට ශ්‍රීලංකන් නියමුවන් 70ක් ඉවත් වෙලා

2
0

පසුගිය මාස හයේදී ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නියමුවන් 70 දෙනකු ඉවත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.

කථානායකවරයාගේ අවසර මත නැඟී සිටිමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. මේ වසරේ තවත් ගුවන් නියමුවන් 18 දෙනකු එමිරේට්ස් ආයතනයට යන බවද පැවසූ ප්‍රේමදාස මහතා රටට ගුවන් නියමුවන් 330ක් අවශ්‍ය වුවත් මේ වන විට ඉන්නේ 260 දෙනකු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

“එතකොට ඉන්න ගුවන් නියමුවන්ට වෙනවා ජාත්‍යන්තර නිර්ණායක කඩ කරලා පියසර කරන්න. ඒ අයට පියාසර කරලා අවසන් වුණාම ජාත්‍යන්තර නිර්ණායක අනුව තිබෙනවා විවේකී කාලයක්. දැන් අනවශ්‍ය ලෙස විවේකී කාලය අඩු කරලා මේ අයව පාවිච්චි කරනවා. ඒ නිසා ගුවන් මඟීන්ගේ ජීවිත අවදානමක් ඇති වෙනවා. මේ ගුවන් නියමුවන්ගේ හිඟයට රජයේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා,“ සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here