මේ රට නිවැරදි මූල්‍ය විනයක් තිබෙන, දූෂණ අවධානමක් නැති ලෝකය පිළිගත් නීති රාමුවක් ඇති රටක් බවට පත් කිරීම සඳහා දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වෙන බව වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් වැඩබලන ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
වැඩබලන ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
මේ රට නැවත අර්බුදවලට ගමන් නොකිරීමට සහ රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන සහයෝගය මත නව පනත් කිහිපයක් හඳුන්වා දීමට ආණ්ඩුව කටයුතු කළා. ඒ අතරින් මූලිකම පනත් කෙටුම්පතක් ලෙස දූෂණ විරෝධී පනත් කෙටුම්පත හඳුන්වා දිය හැකියි.
බොහෝ අවස්ථාවන්වලදී දූෂණ සිදු වීමේ දැඩි අවධානමක් තිබෙන රටක් ලෙස තමයි ලෝකයේ අනෙක් රටවල්, ශ්‍රී ලංකාව හඳුන්වන්නේ. මෙය රටේ ඉදිරි ගමනට සුබ පෙරනිමිත්තක් නොවේ. පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම නැතිව බැහැ.