නැවත අධිකරණය මඟහැරියහොත් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාරගත කර නඩුව විභාගයට ගන්නා බවත් මෙය අවසන් නිවේදනය බවට දැඩිව අවවාද කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා වරෙන්තු නිකුත්ව සිටි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පෙර ඇප මත මුදා හැරීමට ඊයේ (21) නියෝග කළේය.
මෝසමක් ඉදිරිපත් කරමින් නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට මෙසේ දැඩිව අවවාද කරමින් අධිකරණය පෙර ඇප මත මුදා හැරිණි.
එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරුගේ ශ්රී ලංකා සංචාරයට එරෙහිව මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාව සම්බන්ධ නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් ඉකුත්දා (19) වරෙන්තු නිකුත් විණි.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනකුට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මඟින් අධිකරණය හමුවේ පවරා තිබිණි.
සිරන්ජනී කුමාරි