Home Politics News Room : ජංගම දුරකතන යොදා ගෙන සංචාරකයන් කුලී රථ වෙන්කර ගන්නවා...

News Room : ජංගම දුරකතන යොදා ගෙන සංචාරකයන් කුලී රථ වෙන්කර ගන්නවා – ඇමැති ප්‍රසන්න රණතුංග

2
0

පික්මී හා ඌබර් වාහන සේවා සපයන ආයතනවල ලියාපදිංචි වීමෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආශ්‍රිතව ජීවිකාව කරගෙන යනු ලබන ලියාපදිංචි කුලී රථවලට අමතර ආදායමක් උපයා ගත හැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවැසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. මේ වනවිට ජංගම දුරකතනයෙන් කුලී රථ ලබා ගැනීමට සංචාරකයන් පුරුදුව සිටිනවා. සංචාරකයන්ගෙන් රටට විශාල ආදායමක් ලැබෙනවා. ඒ නිසා ඔවුන්ට සැලකිලි ලබාදිය යුතුයි.

ගුවන්තොටුපොළ භාර ඇමැතිවරයා ලෙස මම මීට පෙර කටයුතු කළා. ඒ කාලේ සංචාරක අමාත්‍යාංශයත් මගේ යටතේ තිබුණේ. මුළු ලෝකයම ‘ඌබර්’ හා ‘පික්මී’ ආයතන දෙකත් එක්ක සම්බන්ධතා ගොඩනඟා ගෙන තිබෙනවා.

ඒ නිසා එයාල පුරුදුවෙලා තිබෙනවා ජංගම දුරකතනයෙන් වාහනය වෙන්කර ගන්න. ඒක ඕනම ජාත්‍යන්තර ගුවන්තොටුපොළක සිදුවෙන දෙයක්. ඒ නිසා සංචාරකයන් බොහෝ කාලයක් තිස්සේ ඉල්ලීමක් කරල තිබුණා මේ කටයුත්ත කරන්න කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here