සමාගම් කුලී රථ වාහන ගුවන්තොටුපොළට යෙදීමට විෂය භාර ඇමැතිවරයා ගත් අත්තනෝමතික තීරණය නිසා එහි කුලී රථ සේවාවල යෙදුණු විශාල පිරිසකට ආසාධාරණයක් සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.
දැනගන්නට තිබෙන කරුණු අනුව ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් තොරව මෙය සිදු කර ඇතැයි ද හෙතෙම කීවේය.
ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආශ්‍රිතව ලියාපදිංචි කුලී රථ දෙදහසකට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. කුලී රථ සේවයේ සමිති හයක 1057ක් හා ටෙන්ඩර් ක්‍රමයට කවුළු හයක් හරහා කුලී රථ 1000කට වැඩි ප්‍රමාණයකුත් කුලී රථ සේවාවේ හා විදේශිකයන් ප්‍රවාහනය කිරීමේ සේවාවෙත් නිරත වෙනවා. පසුගිය දිනයක ගුවන්තොටුපොළ භාර ඇමැතිවරයා තීන්දුවක් අරගෙන තිබෙනවා මේ සේවාවන්වලට, දැනගන්නට ඇති ආකාරයට ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් තොරව සමාගම් කුලී රථ ආයතන දෙක අත්තනෝමතිකව ඇතුළු කරල තියෙනවා.
අලුත් විදියට හිතන්න ඕන කාලයක් ඇවිල්ල තියෙනවා. නමුත් ඉන්න මිනිස්සු ටික නැති කරගන්න හොඳ නෑනේ. මහා පරිමාණ කුලී රථ ආයතන දෙකක් නිසා මිනිස්සු 2200ට වැඩි පිරිසකගේ ජීවනෝපාය අහිමි කරලා. ඒක වැරදියි. දැන් ගුවන්තොටුපොළ ඇතුළේ සමාගම් කුලී රථ ආයතන දෙක දැන්වීම් පළ කරනවා. එහෙම නොකරන්න කියල මම කියන්නේ නැහැ. නමුත් ක්‍රමවේදය මොකද්ද කියන්න. අර මිනිස්සු 2200ගේ ජීවනෝපාය ආරක්ෂා කරල වැඩ කරන්න ඕනෑ.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර