Home Politics News Room : අද තියෙන්නේ බොරු පුවත් මවන මාධ්‍ය සෙල්ලමක්

News Room : අද තියෙන්නේ බොරු පුවත් මවන මාධ්‍ය සෙල්ලමක්

3
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බොරු ප්‍රවෘත්ති නිර්මාණය කිරීමේ මාධ්‍ය සෙල්ලමක් අද පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායකවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා සමඟි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂකයන් පිරිසක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය. “ආණ්ඩුවේ ඇමැති පට්ටම් දීමට මේ වන විට බාලගිරි දෝෂය ඇති වී තිබෙනවා. ආණ්ඩුවේ දේශපාලන සූදුව තව උපරිමයෙන් පවතින්නේ අවුරුදු එක හමාරක්. ජනාධිපතිවරණයකට සමඟි ජන බලවේගය සූදානම්.

“එහිදී සමඟි ජන බලවේගය ජයග්‍රහණය කරනවා. තාන්නමාන්න බලාගෙන තනතුරුවලට යන්නේ නෑ. හොරු රැක ගැනීමට සමඟි ජන බලවේගය සූදානම් නෑ.”

උපාලි කරුණාරත්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here