Home Politics News Room : රට සවිමත් කිරීමට කළ හැකි සියල්ල ජනපති මේ වන...

News Room : රට සවිමත් කිරීමට කළ හැකි සියල්ල ජනපති මේ වන විට කර තිබෙනවා

4
0

ඇමැති ප්‍රසන්න රණතුංග

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත යුතු, ගත හැකි සියලු ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වන විට ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් පිරිසක් සමඟ උඩුගම්පොළ, රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (14) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය:

‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපතිවරයා අතර ගැටුම් තිබෙන බව උලුප්පා පෙන්වන්න සමහරු උත්සාහ ගන්නවා. එහෙම දෙයක් නැහැ. අප අතර දේශපාලන වෙනස්කම් තිබෙන්න පුළුවන්. ජනාධිපතිතුමා ඒ තනතුරට පත් කරන්න අප පක්ෂයක් විදියට සහාය දුන්නා. ඒ සහාය දුන්නේ ඔහුගේ පළපුරුද්ද, අභියෝගවලට මුහුණ දීමේ හැකියාව ගැන සලකමින්. අප තවමත් පෙනී සිටින්නේ 69 ලක්ෂයේ ජනතාව වෙනුවෙන්. පවතින තත්ත්වය මත ඇමැතිකම් නොලැබීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨයන්ට කලකිරීම් තියෙන්න පුළුවන්. මීට වසරකට පෙර රට තිබූ තත්ත්වය හා අද තත්ත්වය ගැන සංසන්දනය කළ විට අප එදා ගත් තීන්දුව නිවැරදි බව දැනෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යන්න දෙනව මිසක ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්න හොඳ නැහැ කියලා මම පෞද්ගලිකව හිතනවා. ඉදිරි මැතිවරණයකදී වැඩ කරන්නෙ කොහොමද කියලා පක්ෂයක් විදියට අපි එතකොට බලමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතක, ඕනෑම මැතිවරණයකට සූදානම්.

“මාලිමාවටයි, සජබ අයටයි ඕනෑ මේ ආර්ථිකය නැවත කඩා බිඳ දමන්නයි. මේ ආර්ථිකය කාබාසිනියා කරන්න වැඩිම දායකත්වය දැක්වුවේ මාලිමාවයි. ඔවුන් රටේ ආර්ථිකය කාලා තමන්ගේ පක්ෂයේ ආර්ථිකය ස්ථාවර කර ගත්තා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විනාශයට වගකිව යුතු අප එක්ක හිටපු උගත්, බුද්ධිමත් වියත්තු ටික දැන් සජිත් ප්‍රේමදාස මහතාගේ පස්සෙන් දුවනවා. ප්‍රායෝගික දේශපාලනය දන්නෙ නැති, සාමාන්‍ය මිනිහගේ ගඳ සුවඳ නොහඳුනන මහපොළොවේ ජීවත් වෙන්න බැරි ඔය වියතුන් එක්ක එකතු වීමම සජිත්ගේ විනාශයට හේතු වේවි.’’

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here