බෞද්ධාගම දේශපාලන ආයුධයක් කරගත යුතු නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම, රැකගැනීම, ප්‍රවර්ධනය කිරීම අප සියලු දෙනාගේම වගකීම බවත් ඒ සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය, බුද්ධශාසන අරමුදල සහ තවත් ශාසනික ප්‍රවර්ධන ක්‍රියාදාම රැසක් ක්‍රියාත්මක බවත් ප්‍රේමදාස මහතා කීවේය.
ගාල්ලේ දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම මූල මහා විහාරය, ගාල්ල ජම්බුකැටිය සිරි සුගතාරාමය, ගාල්ල සමඟිවත්ත අභිනවාරාම, තුන්බෝධි විපස්සනා මධ්‍යස්ථානය, හක්මන පල්ලාවෙල දකුණ පිටවල්ගමුව නිග්‍රෝධාරාමය යන විහාරයන්හි අධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති පල්ලාවෙල සුමේධවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ අධිකරණ සංඝනායක ධුරය පිරිනැමූ අතර, එම උත්සවයට සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා පෙරේදා (10) මේ බව පැවසීය.
සන්ධ්‍යා කරුණාරත්න