Home Politics News Room : දේශීයත්වයට මුල්තැන දෙන රජයක් බිහි කරනවා

News Room : දේශීයත්වයට මුල්තැන දෙන රජයක් බිහි කරනවා

5
0

දේශීයත්වයට මුල්තැන දෙන රජයක් බිහිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහියංගණයේදී පැවති උදාවක ඇරඹුම වැඩසටහනට සහභාගි වෙමින් පෙරේදා (28) පැවසීය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ අනෙකුත් ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය උපරිම සවිය ලබා දෙමින්, අපේ රට නිෂ්පාදන කර්මාන්ත මූලික කර ගත් රටක් බවට පත් කර අපනයන පුළුල් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ආරම්භ කළ ඇඟලුම් කම්හල් නොතිබෙන්න අපේ රට මේ ආර්ථික පරිහානිය හමුවේ විශාල කඩාවැටීමකට ලක්වන්නේ යැයි ද මේ තත්ත්වයෙන් හෝ රට පවතින්නේ ඒ කර්මාන්තශාලා නිසා බව පැවසූ විපක්ෂ නායකවරයා, එදා ආරම්භ කළ කර්මාන්තශාලා රැසක් අද වැසීයාමට ලක්වීම කනගාටුවට කරුණක් බව ද සඳහන් කළේය.

සමගි ජන බලවේග රජයක් තුළ දේශීයත්වයට සහ දේශීය කර්මාන්තවලට මුල්තැන දෙමින් ගමේ නගරයේ ජනතාවගේ සවියෙන් රට ගොඩනඟන වැඩපිළිවෙළකට අවතීර්ණ වන්නේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

 

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here