Home Politics News Room : එක්සත් මහජන පක්ෂයෙන් අධ්‍යාපනයේ නිදහස ගැන වැඩමුළුවක්

News Room : එක්සත් මහජන පක්ෂයෙන් අධ්‍යාපනයේ නිදහස ගැන වැඩමුළුවක්

2
0

එක්සත් මහජන පක්ෂය (UPP) ලෙස හුදෙක් ජනප්‍රිය රැල්ලේ දේශපාලන සටන් පාට හෝ එකඟවීම් තෝරා ගැනීම වෙනුවට කරුණු සබුද්ධිකව විමසා බැලීම සඳහා වන වැඩමුළුවක් පක්ෂයේ අධ්‍යාපන කමිටුව විසින් පසුගිය  සිකුරාදා (26) කොළඹ පදනම් ආයතනයේදී සංවිධාන කර තිබිණ.

 

එහි සම්පත් දායකයන් ලෙස දීප්ති කුමාර ගුණරත්න, මහේෂ් හපුගොඩ යන මහත්වරුන් සහ පක්ෂයේ විධායක සභාවේ සහ ක්‍රියකාරී කමිටුවේ සාමාජිකයින් පිරිසක් සහභාගී විය.

 

පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යය ද, එමඟින් සමාජයේ නිදහස් අධ්‍යාපනය ලෙස සලකන සම්මත රාමුව බිඳ වැටේ ද…? ඇත්තටම අවශ්‍ය නිදහස් අධ්‍යාපනය ද…? අධ්‍යාපනයේ නිදහස ද…? යන කරුණු පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වුණි. 

 

මෙහිදී පක්ෂයක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල සහ නිදහස් අධ්‍යාපනය පිළිබඳ මෙතෙක් මේ රටේ දේශපාලන පක්ෂයයක් විසින් ඉදිරිපත් කරනු ලබන වඩාත් විදග්ධ ම යෝජනා මාලාව රට හමුවේ තැබීමට සුදානම් ව සිටින බව ද ප්‍රකාශ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here