ජනක රත්නායකට දිට්ඨ ධම්ම වේදනීය කර්මය එල දෙන දවසක් ලෙස හැදින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.
“මම හිතුවා විපක්ෂනායක තුමා හරබර කතාවක් කරයි කියලා. හැබැයි ආර්ථිකය පිළිබද දැනුමක් තියෙන, ආර්ථිකය පිළිබද හසල දැනුමක් තියෙනවා කියලා මේ සභාවට පුන පුනා කියන විපක්ෂ නායකතුමා අද මොකක්ද මේ ඇවිල්ලා කියන්නේ. සහන දෙන්නලු. අරවා දෙන්නලු. මේවා දෙන්නලු. කොහෙන් දෙන්නද ? අද රට වැටිලා තියෙන තත්ත්වය විපක්ෂ නායකතුමාට හොදින් පේනවනේ.
මේ රටේ තියෙන ආදායම මදි වියදම ගෙවාගන්න. මහජන උපයෝගිතා කොමිසම කියන විදියට විදුලිය අඩුවෙන් දෙන්න බැහැ. මහජන උපයෝගිතා කොමිසම නෙමේ විදුලිය නිෂ්පාදනය කරන්නේ. විදුලිය බෙදා හරින්නේ, විදුලිය නිෂ්පාදනය කරන සැපයුම්කරුවන්ට මුදල් ගෙවන්නේ සභාපතිතුමා නෙමේ. එතුමට කියන්න පුලුවන් ඕන එකක්. පිස්සෙක්ට ඕන එකක් කියන්න පුලුවන්. අංගොඩ ඉන්න පිස්සන්ට දොස්තර මහත්තයා ගියාම පිස්සො දොස්තර මහත්තයව පිස්සා වගේ හිතලනේ හැසිරෙන්නේ.
මම ලැජ්ජා වෙනවා අමුහොරෙක්, පිස්සෙක් වෙනුවෙන් විපක්ෂ නායකතුමා පෙනී සිටීම ගැන. ගෝල්ඩන් කී සිද්ධියේදී එම්බීඑස්එල් එකට සීයට 50 ගන්න කිව්වාවම සියයට විසිපහක් තමන්ගේ ගිණුමට දාගෙන උසාවි ගිහිල්ලා අන්තිමට එම්බීඑස්එල් එකට සීයට පනහ ගත්තේ.
රටේ මිනිස්සු අමාරු තත්ත්වයක ඉන්න කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ටික ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒක පරක්කු කරලා බිලියන තිස් දෙකක් මහා භාණ්ඩාගාරයට අහිමි කරනවා ඒ තීන්දුව නොගැනීම තුළ. අද දවසේ එතුමා ගෙදර අරිනවා. එතුමා ස්වාධීන පුද්ගලයෙක්ලු. මොන ස්වාධීනද ? මහින්ද රාජපක්ෂ කාලේ එම්බීඑස්එල් එකේ සභාපති වුනා. ඊට පස්සේ ඊඩීබී එකේ සභාපති වුනා. ගෝඨාභය රාපක්ෂට වැඩ කරලා, කාර්යාල දීලා තමා ඔය සභාපතිකම ගත්තේ. මොන ස්වාධීනද එතුමා තරඟ විභාග ලියලා ආවද ?. එතුමාගේ අම්මා තාත්තා ලියලා දුන්නද ?
ඒ පිස්සා වෙනුවෙන් පෙනීසිටින පිස්සන්ටත් කියනවා කෝප් එකට ඇවිල්ලා පැහැදිලිවම පිලිගන්නවා මොකක්ද සුදුසුකම. ගෝඨාභය රාජපක්ෂට වැඩ කිරීම. විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවන් ගණනය කරලා සැපයුම් හදලා දුන්නම එතුමා ඒවා බලන්නේ නැතිව කියනවා අඩු කරන්න පුලුවන්. තව අඩු කරන්න පුලුවන් කියළා.
විදුලිය පිළිබදව ඉන්න දක්ෂම ඉංජිනේරුවෝ ටික තමා විදුලි බල මණ්ඩලයේ ඉන්නේ. මේ අයතමා ගණණය කිරීම කරන්නේ. ආණ්ඩුවට විරුද්ධ නම් ඕන බෝලයකට බැට් කරනවා. එතුමා හොද හින්දා නෙමේ.
ප්‍රවෘත්ති සාකච්ජාවක් තියලා කියනවා මහජනතාව වෙනුවෙන් පෙනී සිටින අය අද පාර්ලිමේන්තුවේදී එතුමා වෙනුවෙන් හිටගන්න ඕනෙලු. අපි මහාජනතාව වෙනුවෙන් පෙනී හිටින හින්දා තමා එතුමව එලවන්නේ.
රටේ ආර්ථිකය බංකොලොත් කරන්න දෙන්න බැහැ. මහා භාණ්ඩාගාරය බංකොලොත් කරන්න දෙන්න බැහැ. විදුලි නිෂ්පාදනය කඩා වට්ටන්න දෙන්න බැහැ. විදුලි බෙදාහැරීම නවත්තන්න දෙන්න බැහැ. එතුමා කියන විදියට කළොත් රටේ ආර්ථිකය වැටෙනවා. විදුලිය නිෂ්පාදනය කරන්න, බෙදා හරින්න බැරිව යනවා. ඒකට තමා එතුමා උත්සහ කරන්නේ. අපි උත්සහ කරන්නේ විදුලිය නිෂ්පාදනය කරන්න, පැය 24 ම විදුලිය දෙන්න, විදුලිය බෙදා හරින්න. ජනාධිපතිතුමා මේ ආණ්ඩුව භාර ගද්දි විදුලිය පැය 12 ක් නැතිව හිටයේ. සභාපති හැටියට මොනවද කළේ.
සභාපතිකමක් කරනවා කියන්නේ අරක දෙන්න. මේක දෙන්න. මේක අඩු කරන්න කියන එක නෙමේ. රටක ආර්ථික ක්‍රියාවලිය එක්ක මේක සම්බන්ධවෙලා තියෙනවා. මේ සියලු දේ ගැන බලන්න ඕනේ. ඒක තමා අභියාචනාධිකරණයට ගියාම ඒක ඔප්පු වෙනවා. ඔක්කොම නිෂ්ප්‍රභා වෙනවා. ඇයි ඒ. පැහැදිලිව උසාවිය තේරුම් ගන්නවා.
සාමාජිකයෝ ගැන බලන්නේ නැතිව මොන ප්‍රජාතන්ත්‍රවාදයද? අනිත් සාමාජිකයින්ගේ අදහස් සැලකිල්ලට භාජනය නොකර තමන් ජනාධිපති වෙන්න කටයුතු කරනවා. එක එක්කනාට එක එක උණ හැදෙනවා. මෙතුමට ඇවිල්ලා තියෙන්නේ ජනාධිපති වෙන උණ. අංගොඩ මානසික රෝහලට යවන්න වෙනවා. එතුමා වෙනුවෙන් පෙනී සිටින අයත් අංගොඩ මානසික රෝහලට යවන්න වෙනවා.
මෙතුමා රටේ ආර්ථිකය ගැන, මහා භාණ්ඩාගාරය ගැන, රටේ ජනතාවට මේ සේවය ලබා දීම ගැන, අඛණ්ඩව මේ සැපයුම ලබා දෙන්නේ කොහොමද ?,සැපයුම්කරුවන්ට මුදල් ලබා දෙන්නේ කොහොමද ? මේ කිසි දෙයක් ගැන බලන්නේ නැතිව කියනවා අඩු කරන්න කියලා. ඒක වැළද ගන්නවා විපක්ෂය. විපක්ෂයට ඕනේ ආණ්ඩුවට විරුද්ධව කවුරුහරි කතා කළොත් ගිහින් බදා ගන්නවා. බදාගද්දි පොඩ්ඩක් පරිස්සමෙන් බදා ගන්න බෝම්බේ පුපුරලා තමා මැරෙන්න වෙන්නේ. හැම එකක්ම බදා ගන්න එපා. ඕක බෝම්මබයක්.
හරිනම් පාර්ලිමේන්තුවෙන් අහන්න ඕනේ මෙතුමට තියෙන සුදුසුකම මොකක්ද කියලා. ඒවා අහන්නේ නැහැ. ආණ්ඩුවට විරුද්ධ නම් එතුමා ගිහින් වැළදගෙන ආණ්ඩුවට පහර දෙනවා.
ශිරාණි බණ්ඩාරානායක මැතිණිය එලවන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභා තිබ්බම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ශිරාණි බණ්ඩාරණායකට විරුද්ධව සාක්ෂි දුන්නා. මේ පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවට නියෝග දීලා එතුමියව එලවනවා. හැබැයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලිසන් දෙනවා ජනක රත්නායකට. මේ පාර්ලිමේන්තුවේ ඒ සභාපතිකමින් අද ඔහුව එලවනවා.
ශිරාණි බණ්ඩාරණායක එලවන්න ප්‍රධාන සාක්කිකාරයා වුනේ මේ සභාපතිතුමා. එතකොට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා එතුමාට. පඩිසන් දෙන අය වෙනුවෙන් තමා මේ අය පෙනීසිටින්නේ . වසලයෝ වෙනුවෙන් තමා පෙනී සිටින්නේ. වසලයෝ වසලයෝ එක්ක තමා හිටගන්නේ. ඒක අරුම පුදුම නැහැ.
අපි පැහැදිලිව කියනවා මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන්, මේ රටේ ආර්ථිකය ගොඩගන්න, මේ රට ගොඩගන්න, මේ රටේ ජනතාව වෙනුවෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමට හොද පදනමක් දැමීමට මේ සභාපතිතුමා එලවන්න කටයුතු කරනවා කියලා. ඒ සදහා ජන්දය ලබා දෙනවා.” යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.





