රටේ රාජ්‍ය ආදායම රැස් කර ගැනීම පිළිබඳ ප්‍රතිපත්තිමය වාර්තාවක් එළැඹෙන ජුනි පළමු වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරන බව වැඩ බලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ප්‍රතිපත්ති මාලාව ඔස්සේ රට නඟා සිටුවීමේ ගමනට ශක්තිමත් අඩිතාලමක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ශක්තිමත් රාජ්‍ය මූල්‍යයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වෙනවා.
කවුරු මෙම වගකීම ගත්තත් රාජ්‍ය මූල්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය එකම ගමනක් යන ආකාරයට සකස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති මෙම වාර්තාවෙන් එළිදක්වනවා. නොසෙල්වෙන රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබීම අත්‍යවශ්‍යයි. එමෙන්ම නීති යාවත්කාලීන කර ශක්තිමත් දීර්ඝ කාලීන විසඳුම් ගෙන ඒමට අවශ්‍ය නීති වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කළ යුතු දින වකවානු ද දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම අනුව නිශ්චිත දින වකවානු සමඟ මෙම වාර්තාව ඉදිරිපත් කරනවා.