ශ්‍රී ලංකාවේ වැඩිම විරැකියාව ඇති පළාත බවට දකුණු පළාත පත්ව ඇති බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාවේ විරැකියා ප්‍රතිශතය සියයට 5.1ක් බවට පත් වන විට දෙවැනි තැනට වැඩිම විරැකියා ප්‍රතිශතයක් තිබෙන දිස්ත්‍රික්කය බවට මාතර දිස්ත්‍රික්කය පත්ව තිබෙනවා. එහි ප්‍රතිශතය සියයට 7.2ක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විරැකියා ප්‍රතිශතය සියයට 7.7ක් වී තිබෙන අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 7ක ප්‍රතිශතයක් වී තිබෙනවා.
මෙරට සෑම දිස්ත්‍රික්කයකටම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක බැඟින් තිබුණත් මාතර දිස්ත්‍රික්කයට ඇත්තේ එක් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පමණයි. , කාර්මික විද්‍යාලයට අවශ්‍ය ඉඩම් වෙන් කර වසර 10ක පමණ කාලයක් ගත වී තිබෙනවා.උගත් තරුණ විරැකියාව බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා. ඊට හොඳම විසඳුම වෘත්තීය පුහුණු කේෂ්ත්‍රය තුළ ජයග්‍රහණ ලබාදීමයි.