රටේ මූල්‍ය ප්‍රශ්නය සමනය වනතුරු අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර පහකට නවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මේ බව පැවසුවේ සුරාබදු අඥා පනත, නිෂ්පාදන බදු, වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝග පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.
මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
මෙරට ආරථික තත්ත්වය අනුව අධි සුඛෝපභෝගී වාහන අනවශ්‍යයි. එවැනි වාහන ගෙන්වීම විදේශ විනිමය පහළ යෑමට හේතු වූණා.
මේ රටේ අයිස්, හෙරොයින්, කොකේන්, මර්ජුවානා, සිගරට්, අරක්කුවලින් සිදු වන හානිය ඉතාමත් බරපතළයි. පාසල් සිසුන් විනාශ වෙලා තිබෙන්නේ. උසස් පෙළ ගැහැනු දරුවෝ පවා ඉන්නවා මේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා අත් දෙක වෙව්ලන මට්ටමකට පත් වෙලා. බදු වැඩි කිරීම හොඳයි වගේම මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධව දැඩි තීන්දු තීරණ ආණ්ඩුව තවත් ගත යුතුයි කියා යෝජනා කරනවා. පොලිසිය භාර ඇමැති ටිරාන් අලස් මහත්මයා කියලා තිබෙනවා එතුමාට ජීවිත තර්ජන තිබෙනවා කියා .මේ මත්ද්‍රව්‍ය මර්දනය නිසා. මගේ කාලයෙත් මම ඔය ප්‍රශ්නයට මුහුණ දුන්නා. විශේෂයෙන්ම කුඩු ජාවාරම්කාරයෝ මාව මරන්නත් උපක්‍රම යෙදුවා. මට උසාවියේ නඩු දැම්මා. ඒවා තාමත් අහනවා.