Home Politics News Room : පාර්ලිමේන්තුවේ නව මහලේකම්වරිය ලෙස නීතිඥ කුෂානි අනූෂා රෝහණදීර පත්...

News Room : පාර්ලිමේන්තුවේ නව මහලේකම්වරිය ලෙස නීතිඥ කුෂානි අනූෂා රෝහණදීර පත් වෙයි

2
0

පාර්ලිමේන්තුවේ නව මහලේකම්වරිය ලෙස කටයුතු කළ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) නිවේදනය කෙළේය.

කථානායකවරයා එම නිවේදනය කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු‍ මන්ත්‍රීවරු සිය මෙසවලට තට්ටු කරමින් සිය සහාය පළ කළහ.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම කථානායක මෙම දැනුම්දීම සිදු කළ අතර, කථානායකවරයා පෙරටු කර ගනිමින් රෝහණදීර මහත්මිය මැති සබයට පිවිසුණේ ප්‍රධාන දොරටුවෙනි.

ඊයේ (23) සිට හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා සේවයෙන් විශ්‍රාම යන බව දැනුම් දෙමින් ඔහු එවා තිබූ ලිපියද කථානායකවරයා මෙහිදී කියවීය.

හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් සිදු වූ සේවාව කථානායකවරයා අගය කළ අතර, කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු මහලේකම් ධුරයට පත් වූ දෙවැනි කාන්තාව ද වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here