කොටි ත්‍රස්තවාදීන් ගැන කැක්කුමක් තිබෙන කැනඩාවේ අගමැතිවරයාගෙන් එරට ඊළාම් රාජ්‍යයක් ගොඩනැඟීමට කටයුතු කරනවා දැයි විමසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඉන්දියාව වෙනම රාජ්‍යයක් නොපිළිගන්නා සේම ශ්‍රී ලංකාව ද ඊළාම් රාජ්‍යයක් පිළිගැනීමට සූදානම් නැහැ. ජනගහනය අතින් කැනඩාවට වඩා ශ්‍රී ලංකාව ඉහළින් සිටිනවා. එවැනි රටක් සම්බන්ධයෙන් කැනඩා අගමැතිවරයා කතා කිරීම ගැන කනගාටුවට පත් වෙනවා.