Home Politics News Room : බලය අහිමි වෙද්දී දෙමළ නායකයන් ජාතිවාදය වැපිරුවා

News Room : බලය අහිමි වෙද්දී දෙමළ නායකයන් ජාතිවාදය වැපිරුවා

4
0

තමන්ගේ බලය අහිමි වන විට සාම්ප්‍රදායික දෙමළ නායකයන් ජාතිවාදය වැපිරූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (21) විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතමිනි. කුරුණෑගල නගර ශාලාවේදී මෙය පැවැත්විණි.

අපේ රටේ ජාතිවාදය හා ආගම්වාදය මිනිස්සුන්ගෙන් පැනනඟින එකක් නොවේ, දේශපාලනයක්. දකුණේ නායකයන් ද ජාතිවාදය වැපිරුවා. පවතින ආර්ථික ක්‍රමය, සමාජ සහ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අප හමුවේ ඇති අභියෝගයක්. රට මුහුණ දී සිටින ව්‍යසනය මෙතෙක් සිටි පාලකයන් ඇති කළ දෙයක්. මෙම තත්ත්වය වෙනස් කිරීමට ස්ථිර අධිෂ්ඨානයෙන් මැදිහත් විය යුතුයි. තම කණ්ඩායම නිර්මාණය කරනුයේ දරුවන්ට සමගියෙන් සතුටෙන් ජීවත් විය හැකි රාජ්‍යයක් බව මෙහිදී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here