මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
රටේ ඕනෑම කෙනකුට නිදහසේ දේශපාලනය කිරීමේ හැකියාව මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උදා කර ඇතැයි සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “ජනාධිපතිවරයා ප්‍රකාශ කර තියෙනවා, ජනාධිපතිවරණයක් අවශ්‍යයි කියලා. ප්‍රබල ජනාධිපතිවරයෙක් හිතාගෙන ඉන්නවා නම් එච්චර බලයක් තියෙනවා කියලා ඒ මැතිවරණයට යමු. සමඟි ජන බලවේගයේ අපි ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන ඉන්නවා. දැන් පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය පොර කනවා කවුද මේකට ඉදිරිපත් කරන්නේ කියලා. දැන් මණ්ඩලේ කචල්. ඉස්සර වෙලා බෝලේ දාලා බැලුවා, ජනාධිපතිවරණයකට කට්ටිය සූදානම්ද කියලා. සමහර ඇමැතිවරුන් කිව්වා, රනිල් වික්‍රමසිංහ මහතා තමයි මේකට සුදුසු කෙනා කියලා. මොකද ඒ අයට අවශ්‍ය ආරක්ෂාව සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා තමයි හදලා දෙන්නේ. නමුත් පොහොට්ටුවේ තව කණ්ඩායමක් ඉන්නවා, රනිල් විරෝධී. ඒ අයට අවශ්‍ය නෑ, රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ නායකයා බවට පත් කරන්න.”
රක්ෂණ ශ්‍රියන්ත





