ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හමු වූ අවස්ථාවේ දීය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනමම ඒකකයක් රටේ රාජ්‍ය පාලකයා යටතේ ක්‍රියාත්මක වී පැහැදිලි ප්‍රතිපත්තියක් සහිත කාලසටහනක් සහිත ඉලක්කගත දැවැන්ත වැඩපිළිවෙළක් ඇති කිරීමට සමගි ජන බලවේගය සූදානම් යැයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටින බවත්, එක නීති පද්ධතියක් තුළ ඉදිරියට යාමේ මඟ විවර කරන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය. මේ රටේ දේශපාලකයන් සිටින්නේ ව්‍යාපාරිකයන්ගේ ගැටලු විසඳීමට නොවන බවත් ගැටලු විසඳීමට දේශපාලකයන් පත්වන්නේ නම් රටේ සිස්ටම් එක අසාර්ථක බවත් සිදුවිය යුත්තේ දේශපාලකයන්ගේ වහලුන් බවට පත් නොවී ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.





