Home Politics News Room : තායිලන්ත තානාපති සහ කථානායක අතර හමුවක්

News Room : තායිලන්ත තානාපති සහ කථානායක අතර හමුවක්

3
0

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පොල් මහතා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා(09) හමුවිය. 

 

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී දෙරට අතර ද්වීපාර්ශ්වික සබදතා තරකර ගැනීම පිළිබදව සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකා තායිලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත පිහිටුවීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

 

තවද බෞද්ධ රටවල් ලෙස තායිලන්තයේ සහ ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු අතර සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවත් තායිලන්තයේ අතිපූජනීය සෝම්දේජ් අරියවොංසෝකතායන් හිමිගේ 96 වැනි ජන්මදින සැමරුම මෙරට සංඝරත්නයේ ද සහභාගීත්වය මත පැවැත්වීමට සැලසුම්කර ඇති බවද මෙහිදී සාකච්ඡා විය.

 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගී විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here