මැයි 16, 2023 01:00
ජනරජ දිනය යෙදෙන මෙම මස 22 දින එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මල්වතු අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ඊයේ (15) දැනුම් දුන්නේය.
රට බංකොලොත් වීමත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පිළිබඳ ජනතාව තුළ විශාල කලකිරීමක් ඇතිව තිබෙන බවත් නව දේශපාලන වේදිකාවක් සොයමින් සිටින පිරිස සඳහා මෙම පුළුල් පෙරමුණ බිහි කළ බවත් ඒ මහතා කීය.
අසේල කුරුළුවංශ