Home Politics News Room : ජනපතිවරණ අභියෝගය බාර ගන්න සජබය සූදානම්

News Room : ජනපතිවරණ අභියෝගය බාර ගන්න සජබය සූදානම්

2
0

ජනාධිපතිවරණ අභියෝගය බාර ගැනීමට සමඟි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

නියමිත කාලයට ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට රජය යෝජනාවක් ගෙන ඒමට සූදානම්. ඊට විපක්ෂයක් ලෙස පූර්ණ සහාය ලබා දෙන බව හෙතෙම කීවේය.

විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවකට ඊයේ (15) එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

එය ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය අණපනත් රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව ඒ මහතා කීවේය.

එසේම විපක්ෂයේ සියලු දේශපාලන බලවේග උපයෝගී කර ගෙන ජාතික ප්‍රතිපත්ති, ජාතික දර්ශනය මත කේන්ද්‍රගත වූ ගමනකට සූදානම් බව පැවසු විපක්ෂ නායකවරයා පත්තරවල, සමාජ මාධ්‍යවල විවිධ ප්‍රවෘත්ති සකස් නොකර ජනාධිපතිවරණය හරියට පවත්වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව පැවැසීය.

ජනාධිපතිවරණයෙන් පසු සමඟි ජන බලවේගයේ ජනාධිපතිවරයකු යටතේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් හකුළා ගත් පළාත් පාලන මැතිවරණ පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරක්ෂිත කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

රජය හිතන හිතන වෙලාවට, හිතන හිතන ආකාරයට තමන්ගේ කාලසටහන්වලට සුදුසුවන පරිදි මැතිවරණ සිතියම් නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බවත් මැතිවරණ සිතියම ජනාධිපතිවරයාගේ හෝ ඔහුට සහාය ලබා දෙන අයගේ අභිමතය පරිදි සකස් කිරීම වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

නුවන් කොඩිකාර, රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here