ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික ශාන්තප්‍රිය පතිරණ
ලංකා සම සමාජ පක්ෂයේ හිටපු නිලධාරීන් සමඟ පක්ෂය ඉදිරියට ගෙනයන්න බැහැ. නව මහ ලේකම් ඇතුළු නිලධාරීන්ගෙන් චෝදනා.
ලංකා සම සමාජ පක්ෂයේ හිටපු මහ ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව පත් වූ නව මහ ලේකම් ඩබ්ලිව්. අබේසේන, පක්ෂයේ සභාපති, හිටපු ඇමැති වයි. ජී. පද්මසිරි මහත්වරුන් ඇතුළු පිරිසක් ඊයේ (08) අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එහිදී අදහස් දැක්වූ ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික ශාන්තප්‍රිය පතිරණ මෙසේ පැවැසීය. “මෙරට ප්‍රබලම පක්ෂය සම සමාජ පක්ෂයයි. කිසිම දූෂණයක්, වංචාවක් නොකර සිටි එකම පක්ෂය සම සමාජ පක්ෂයයි. මේ අවස්ථාවේ දෙකට බෙදී කටයුතු කිරීම නිසා මේ පක්ෂයට ගමනක් යන්න අමාරුයි. බොහෝ පිරිසක් මෙයට වගකිව යුතුයි. සියලු දෙනා එකතුවී පක්ෂය කැඩෙන්න නොදී ඉදිරියට ගෙන යා යුතුයි.” මේ සාකච්ඡාවේදී නව මහ ලේකම් ඩබ්ලිව්. අබේසේන, හිටපු ඇමැති වයි. ජී. පද්මසිරි, රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක සහ මධ්‍යම කාරක සභික ශිරාන් සමරතුංග මහත්වරු ද අදහස් දැක්වූහ.
අවිස්සාවේල්ල විශේෂ