ලෝක සත්ත්වයා කෙරෙහි කරුණාව සෙනෙහස දයාව පෙරදැරිව උතුම් තෙමඟුල සමරමු යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙසක් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.
මෙලොව ස්ථාපිත අනභිභවනීය දර්ශනය ලොවට දායාද කළේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ යයිද සිය පණිවිඩය මඟින් සඳහන් කරන විපක්ෂ නායකවරයා විශ්වයේ ඇති පරම සත්‍ය නුවණින් දැක බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය දිනෙන් දින සනාථ කරන්නේ උන්වහන්සේගේ ධර්මයෙහි පවත්නා සදාතනික බව යයිද සඳහන් කරයි. බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙළ පෙන්වා දෙන බවද විපක්ෂ නායකවරයා එමඟින් පවසයි. බුදු දහම ඉතා හරවත් වූද, උසස් වූද, ජීවන මාර්ගයක් යයිද පවසන විපක්ෂ නායකවරයා ධර්මය කෙබඳු වේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන බුදු රජාණන් වහන්සේ “යො ධම්මං පස්සති, සො මං පස්සති – යො මං පස්සති සෝ ධම්මං පස්සති” යමෙක් ධර්මය දකින්නේද ඒ අනුව මා දකින්නේය. යමෙක් මා දකින්නේද ඔවුහු ධර්මය දකිති යනුවෙන් දේශනා කර වදාළ බවද පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස





