Home Politics News Room : EPF එකට කිසිසේත් අත තියන්නේ නෑ

News Room : EPF එකට කිසිසේත් අත තියන්නේ නෑ

2
0

එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනි කෝන්ගහගේ

සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට රජය සූදානම් වන බව විවිධ පාර් ශ්ව පැවසුවත් කිසිලෙසකින් ඊට හානි නොකරන බව ජනාධිපතිවරයා පැහැදිලිවම පවසා ඇතැයි එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි, යටිනුවර එක්සත් ජාතික පක්ෂ සංවිධායක ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පැවැසුවාය.

ඇය මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.

“උතුරේ ද්‍රවිඩ මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවන්ගේ උත්තර පත්‍ර බැලීමට ආචාර්යවරුන් ඉදිරිපත් වෙද්දී දකුණේ ආචාර්යවරුන් මොකද කරන්නේ කියා දරුවන් බලා සිටිනවා. මේ වසර අවසන් වෙද්දී මේ රටේ තිබෙන ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දී අවසන් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරනවා. සියලුම ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධව ඒ මහතා හොඳ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අවශ්‍ය කරන සැබෑ වෙනස මෙයයි. දමිළ ජනතාව සහ තරුණයන් සැකයක් තබා ගත යුතු නෑ. අප හැමෝටම ඉන්න එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි.

මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කිව්වේ තමන් බව විපක්ෂ නායකවරයා කිව්වා. නමුත් ඡන්දය පාවිච්චි කරන වෙලාවෙදී ඔවුන් හෙමින් සැරේ පාර්ලිමේන්තුවෙන් ලිස්සා ගියා. තමන්ගේ කණ්ඩායම හරියට මෙහෙයවා ඡන්දය පාවිච්චි කර මේ මල් වට්ටියට ඔවුන් අත ගහයි කියලා අපි බලාගෙන හිටියා. ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ හිටපු දීර්ඝ කාලීන අත්දැකීම් සහිත ෆවුසි මන්ත්‍රීවරයා තමන්ගේ යුතුකම නිවැරදිව මේ රට වෙනුවෙන් ඉටු කළා.

සේවක අර්ථසාධක අරමුදලට අත තියන්න සූදානම් වෙනවා කියලා පසුගිය දවස්වල ප්‍රකාශ වුණා. කිසිම ලෙසකින් මේ ලැබෙන්නා වූ වරප්‍රසාද සහිත සේවක අර්ථසාධක අරමුදලට හානියක් සිදු කරන්නේ නෑ කියලා ජනාධිපතිවරයා ඉතාම පැහැදිලිව කිව්වා. විපක්ෂය දේශපාලනය කරන්න සූදානම් වන්නේ මේ වගේ බංකොලොත් දේශපාලන අදහස් සමාජගත කරමිනුයි.”

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here