රටේ ධනවාදී සියලු කණ්ඩායම් හා පාලක සියලු කණ්ඩායම් එක තැනක තබා අභියෝග කරන්නට අද තම කණ්ඩායමට හැකියාව ලැබී තිබෙන බවත් හෙට දවසේ ලෝකය ආදර්ශයට ගන්නා ව්‍යාපරයක් ලෙස මහජනතාව සමඟ එක්ව බලය අතට ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ මැයි දිනය නිමිත්තෙන් පැවැති රැළියට පෙරේදා (01) එක් වෙමිනි.