Home Politics News Room : සමස්ත ලංකා කළමනාකරණ සේවා සංගමයත් මැයි දිනය සමරයි

News Room : සමස්ත ලංකා කළමනාකරණ සේවා සංගමයත් මැයි දිනය සමරයි

2
0

සමස්ත ලංකා කළමනාකරණ සේවා සංගමයේ මැයි රැලිය ඊයේ (01) කොළඹ 01, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටි මහජන බැංකු මූලස්ථානය පිටුපස පිහිටි එම සංගම් කාර්යාලයේදී පැවැත්විණි.

Òරාජ්‍ය සේවයේ අයිතීන් සුරකිමු, ජීවත්වීමට සුදුසු වැටුපක් ලබා දෙනුÓ තේමාවන් ඔස්සේ පැවැති මෙම සැමරුමට සංගමයේ වත්මන් සභාපති උදේනි දිසානායක මහතා සහ හිටපු සභාපතිවරුන් වන හේමා විල්බට්, මුතුබණ්ඩා වත්තේගෙදර, දුම්රිය වෘත්තීය සමිති සම්මේලනයේ ඩී. එම්. ඩී. අබේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී පළාත් කළමනාකරණ සේවා සංගමයේ සභාපති ප්‍රසන්න දිවුලගේ හා පෞද්ගලික අංශය වෙනුවෙන් ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් චමින්ද පෙරේරා දේශන පැවැත්වූහ.

ඡායාරූප – සුදත් මලවීර

අනුර ප්‍රේමලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here