ලංකා වතු කම්කරු සංගමයේ මැයි දින පෙළපාළිය සහ මැයි දින රැලිය බදුල්ල නගරයේදී ඊයේ (01) විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවත්විණි.
ඒ අනුව, එම සංගමයේ නායක සමඟි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් සහ හිටපු ඇමැති අලි අමීර් මහත්වරු මෙම මැයි දින පෙළපාළියට එක්වූහ.
බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිට සිට මොවුන් පෙළපාළිය ඔස්සේ බදුල්ල වෙලේකඩේ මංසන්ධියට පැමිණි අතර, අනතුරුව මැයි දින රැලිය ආරම්භ කළේය. මෙම පෙළපාළියට සහ රැලියට නුවරඑළිය, හැටන් තලවාකැලේ, නානුඔය, අක්කරෛපත්තුව යන දුර බැහැර පළාත්වල සිට විශාල පිරිසක් පැමිණ සිටියහ.
සී. ගමගේ – සොරණාතොට සමූහ,
බදුල්ල – පාලිත ආරියවංශ