ආර්ථික අර්බුදයට ලක්ව බංකොලොත් වූ රට ගොඩගැනීමට සියලු වෘත්තීය සමිති එක්විය යුතු බව වැඩ කරන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැලියට එක් වූ වෘත්තීය සමිති නියෝජිතයෝ අවධාරණය කළහ.
මාලිගාවත්ත සිරිසේන ක්‍රීඩාංගණයේ ඊයේ (01) පැවැති රැලිය ආරම්භයේදී තම ඒකාබද්ධ ප්‍රකාශනය ඉදිරිපත් කරන ලද්දේ ප්‍රොටෙක්ට් සංවිධානයේ ලේකම් කල්ප මධුරංග විසිනි. එහි දමිළ ප්‍රකාශනය නීතිඥ ස්වස්ථිකා ආරුලිංගම් මෙණෙවිය විසින් ඉදිරිපත් කරනු ලැබුවාය.
මෙහිදී අදහස් දක්වමින් ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා මෙසේ පැවසීය.
Òඑදා කම්කරුවන්ට වෙඩි තිබ්බ පාලකයන්, මහජන දේපොළ කෝටි ගණනින් වියදම් කළ අය පෙළපාළි තියනවා. ඔවුන්ට මැයි දිනය සමරන්න අයිතියක් තිබෙනවාද? මේ රට බංකොලොත් කළ, හිඟන රටක් කළ ඔවුන් කම්කරුවන්ට පීඩා කරමින් සිටිනවා. මේ නිසා කොළඹ වටලා කළ අරගලය නැවතත් ගේන්න වෙනවා.Ó
නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා එහිදී මෙසේ කියා සිටියේය.
Òකොවිඩ් කාලයේ කැප වූ කම්කරුවන් 150,000කට රැකියා නැති වෙලා. කර්මාන්තශාලා 43ක් වසා දමලා. වෘත්තීය සමිති 14ක්, බහුජන සංවිධාන ගණනාවක් එක්ව සිටියත් හෙට සිදු කළ යුතු දේ ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. එදා සටන් කැඳවපු අය අද කොහේද ඉන්නේ. මැයි දිනය ආවම පක්ෂ පස්සේ යනවා. ඇත්ත උවමනාවක් නැහැ. සියලු ජනකොටස් ඒකරාශී කළ හැකි මහජන ව්‍යාපාරයක් ගොඩනඟමු.Ó
ස්ත්‍රී මධ්‍යස්ථානය නියෝජනය කරමින් ජයනී ගෝමස් මහත්මිය කියා සිටියේ, Ò137 වැනි මැයි දිනය සමරන්නේ සැබෑ කම්කරුවන්. කොවිඩ් කාලයේ කැපවීමෙන් වැඩ කළ කම්කරුවන්ට ස්වේච්ඡාවෙන් අස් වී යෑමට ඉඩ සලසා තිබෙනවා. මෙයට වගකිවයුතු වන්නේ රජය විතරක්ද? කර්මාන්තශාලා හිමිකරුවන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටිනවා. කම්කරු පන්තියේ බලය තියෙන්නේ එකතු වුණොත් විතරයි. වෙළෙඳ කලාපයේ සියයට අසූපහක් නියෝජනය වන්නේ කාන්තාවන්ගෙන්.Ó යැයි කියාය.
ස්ටෑන්ඩ් අප් මූමන්ට් නියෝජනය කරමින් අචලා දන්දෙනිය මහත්මිය කියා සිටියේ, 1978 අයි.එම්.එෆ්. උගුලට අප අහු වූ අතර, 79 ත්‍රස්ත පනත ගෙනැවිත් 80දී මර්දනය ඇරඹි බවයි. එහිදී කම්කරුවන් සෙවූ ධනය පාලකයන් විසින් කා දමමින් පිටරටවල තැන්පත් කළ බවද ඇය පැවසුවාය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ, Òකොළඹ අතිවිශාල මැයි රැලි ගණනාවක් තිබුණත් වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන එකම මැයි රැලියයි මෙහි තියෙන්නේ. රනිල් – රාජපක්ෂ පාලනයේ ප්‍රධාන හතුරා වැඩ කරන කම්කරුවායි. රට සශ්‍රීකයි කියනවා ණය නොගෙවා. ණය පොලිය ගෙවන විට ප්‍රශ්න එනවා. ප්‍රතිත්‍රස්ත පනත ගේනවා. වැඩ කරන පන්තිය ත්‍රස්තවාදීන් බවට පත් කර තිබෙනවා. ඔය පනත ගේන්න ඉඩ දෙන්නේ නැහැ කියලා විජේදාස රාජපක්ෂට කියනවා.Ó යැයි කියාය.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සමිතියේ ලේකම් රවී කුමුදේශ් මහතා මෙහිදී මෙසේ පැවසීය.
Òඅද ලෝකයේ දුඹුරු මානවයෙක් මනසින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා කියනවා මේ රටේ වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් කියා. මේ රට දැන් පාලනයෙන් ගිලිහිලා ඉවරයි. රට බංකොලොත් වුණාට පස්සේ අයි.එම්.එෆ්. යනවා කියා කියනවා. රට බංකොලොත් කළේ වැඩ කරන ජනතාවද? ලෝකයේ පිළිගත් ශ්‍රමිකයන් සිටින රටක් අපේ රට. මේ රට බංකොලොත් වන්නේ රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂලාගේ පාලනය නිසයි. ජාත්‍යන්තර නියෝජිතයකු පත් කර නිකං බලා සිටීම සුදුසු නැහැ. අරගලයක් අවශ්‍යයි. ශ්‍රම බළකාය කන්න දෙන මිනිස්සු. මේ රටේ ජනතාව රටේ අයිතිකාරයන්. ඡන්දයක් තියා පත් වෙන්න කියා රනිල් වික්‍රමසිංහට ආරාධනා කරනවා. සැබෑ වෙනසක් ඇති කරන්න ඕන. ඒ වෙනස ඇති කරන්න පුළුවන් වෘත්තීය සමිති වෙනස ඇති වෙනකම් ඉදිරියට යමු.Ó
ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවීය සේවක සංගමයේ ලේකම් බූමි මහේන්ද්‍රන් මෙණෙවිය ද මෙහිදී අදහස් දැක්වූවාය. ඉඩම් කෘෂි වෘත්තීය සමිති නියෝජනය කරමින් චින්තක රාජපක්ෂ, තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිතිය නියෝජනය කරමින් සම්පත් ලියනගේ, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිතියේ සභාපති චින්තක බණ්ඩාර, එක්සත් කම්කරු සම්මේලනයේ විජේපාල වීරකෝන්, චමිලා තුෂාරි, වතු කම්කරුවන්ගේ ඉඩම් අයිතිය සුරකිමු ව්‍යාපාරයේ ලේකම් ගනේෂලිංගම්, ජාතික ධීවර සමිතියේ ඒ. මාවිල් ඇතුළු පිරිසක් මීට එක්වූහ.
ඡායාරූප – ගයාන් පුෂ්පික
සුභාෂිණී සේනානායක