අමෙරිකාවේ ස්ථාපිත දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් මැයි 18 වන දා ජාත්‍යන්තර ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර ඇත.
අන්තර්ජාතික දෙමළ ඊළාම් රජයේ ප්‍රධානි විශ්වනාදන් රුද්රකුමාරන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබුණේ, මේ වන විට ඒ වෙනුවෙන් ‘ජනමත විචාරණය සඳහා වූ ජනතා ව්‍යාපාරය’ නමින් ක්‍රියාකාරී කමිටුවක් ද පිහිටුවා ඇති බව ය.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ඉදිරිපත් කිරීමේ තවත් එක් වැඩසටහනක් වශයෙන් මෙම සැලසුම ඉදිරිපත් කරන බවත් ලබන 18 වන දා පැවැත්වීමට නියමිත මෙම “ජනමත විචාරණයට” අමෙරිකාවේ ජීවත්වන සියලු දෙමළ ඩයස්පෝරා ජනතාවගේ සහභාගිත්වය අපේක්ෂා කරන බව ත් රුද්රකුමාරන් සඳහන් කර තිබේ.
කුමුදුනි ගුණරත්නම් මෙම කමිටුවේ කැනඩාවේ නියෝජිතවරිය ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලාංකික ජනවාර්ගික ගැටලුව විසඳිය හැක්කේ ජාත්‍යන්තර ජනමත විචාරණයක් මගින් පමණක් බවත්, එම ජනමත විචාරණය ජාත්‍යන්තරය මගින් අධීක්ෂණය කළ යුතු බවත් රුද්රකුමාරන් පවසා ඇත.
මෙම නව ප්රයත්නය මගින් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව හා ඩයස්පෝරා ජනතාව අතර සහජීවනය වර්ධනය වනු ඇති බව ද රුද්රකුමාරන් වැඩිදුරටත් පවසා ඇත.