Home Politics News Room : රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුව දූෂණය සහ වංචාව

News Room : රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුව දූෂණය සහ වංචාව

1
0

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ජාත්‍යන්තරයත්, මෙරට ජනතාවත් දිගින් දිගටම පවසන්නේ රට බංකොලොත් වීමට ප්‍රධානම හේතුව දූෂණය සහ වංචාව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (27) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ජාත්‍යන්තරයත්, අපේ රටේ ජනතාවත් දිගින් දිගටම කියන දෙයක් තමයි රට බංකොලොත් වෙන්න ප්‍රධානම හේතුව දූෂණය සහ වංචාව කියලා. අපේ රටට එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඩොලර් බිලියන ගාණක වන්දියක් ලැබෙන්න තියෙනවා. හැබැයි ඒ වන්දියටත් මාටියා ගැහිල්ලක් ගැන අධිකරණ ඇමැතිවරයා නමත් සමඟ ප්‍රකාශ කර තියෙනවා. ඒ වෙනුවෙන් සමඟි ජන බලවේගය හැටියට අපි අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළා.

මොනවා කළත් කිසිම විමර්ශනයක ප්‍රගතියක් අපට දකින්න නෑ. මෙහෙම සාක්ෂියක් ලැබී තියෙන වෙලාවේ තවමත් පොලිසිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට දැන ගන්න ලැබුණා, ඒ ප්‍රකාශ කරන නමේ රාජපක්ෂලාගේ සම්බන්ධතාවක් තියෙනවා කියලා. පොලිසිය තමන්ගේ විමර්ශන හරියාකාරයෙන් සිදු කරන්නේ නැත්තේ ආණ්ඩුවේ බලපෑමක් තියෙන කොට. මේ ඩොලර් මිලියන 250ත් බොහෝදුරට මේ වෙනකොටත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බෙදා ගෙන ඇති. ඒ නිසා වෙන්න ඕන මේකේ අගක් මුලක් අනාවරණය වෙලා නැත්තේ. අපට එවැනි අත්දැකීම් ඕන තරම් තියෙනවා. පාස්කු ප්‍රහාරය හොඳම නිදසුනක්. “

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here