Home Politics News Room : මෙවර මැයි දිනයේදී වැටුප් – දීමනා වැඩි කරන්නැයි ඉල්ලීම...

News Room : මෙවර මැයි දිනයේදී වැටුප් – දීමනා වැඩි කරන්නැයි ඉල්ලීම ප්‍රායෝගික නෑමෙවර මැයි දිනයේදී වැටුප් – දීමනා වැඩි කරන්නැයි ඉල්ලීම ප්‍රායෝගික නෑ

2
0

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

මෙවර මැයි දිනයේදී වැටුප් සහ දීමනා වැඩි කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“අපට පඩි වැඩි කරන්න, දීමනා වැඩි කරන්න කියා ඉල්ලමින් මේ මැයි දිනය සමරන්න බෑ. ඒවා ලැබෙන මොහොතක නෙමෙයි අපි ඉන්නේ. මෙවැනි අවස්ථාවක ඉල්ලීම් කළා කියලා ඒවා අපට දිනන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ වගේ තත්ත්වයකදී එවැනි ඉල්ලීම් කරන එක අසාධාරණයි. ජූලි මස පළවෙනිදා සිට දුප්පතුන් ලක්ෂ හතරකට රුපියල් 8,500 ගානේ ගෙවන්න කැබිනට් මණ්ඩලයේ යෝජනාව සම්මත කර තිබෙනවා. ඊළඟට ලක්ෂ හතරකට රුපියල් 4500 ගානේ ගෙවන්නත්, ඊළඟ ලක්ෂ හතරට රුපියල් 2,500 ගානේ ගෙවන්නත්, සමස්ත ලක්ෂ විස්සකට සහන දෙන්නත් මුදල් වෙන් කර තිබෙනවා.

අනුර කුමාර දිසානායක කියූ රනිල් වික්‍රමසිංහගේ මනෝරාජ්‍ය ඉටුවෙමින් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනදා වගේ නැතිව දුප්පත් ජනතාවට මුදල් දෙන්නත්, වැටුප් ගෙවන්නත් මුදල් වෙන් කිරීමට එකඟතාවක් තිබෙනවා. ඒ නිසා කිසිදු ගැටලුවක් නැතිව ඒ මුදල් යොදාගෙන මේ රට ඉදිරියට ගෙනයෑමේ හැකියාව තිබෙනවා. රුපියල් බිලියන 93ක් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්න යොමු කරනවා. මෙවැනි විශාල මුදල් වියදම් කරන්න අප ආදායම් වැඩි කරගන්න ඕනෙ. ආදායම් වැඩි කර ගන්න බදු වැඩි කරන්න වෙනවා. රට ගැන හිතා අප පටි තද කරගෙන අප හදාගත් ව්‍යසනයෙන් අපම ගොඩ එන්න කටයුතු කළ යුතු වෙනවා. ඒ බව සිහියේ තබාගෙන මෙවර මැයි දිනය සමරන්න අපට සිද්ධ වෙනවා. ලෝක බැංකුව පවසන ආකාරයට අපේ රටේ ලක්ෂ පහකට රැකියා අහිමි වුණා. මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අලුතින් හිතන්න වෙලා තිබෙනවා.

සමහර වෘත්තීය සමිති තමන්ගේ පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව පමණක් හැසිරෙනවා. ඔවුන් තමයි මැතිවරණ ඉල්ලන්නේ. බදු අඩු කරන්නැයි ඉල්ලන්නේ. අනෙක් ජනතාවත් පාරට ගන්න උත්සාහ කරන්නේ ඔවුන් තමයි. ආණ්ඩුවේ වැඩ පිළිවෙළට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය වගේ විපක්ෂයේ කණ්ඩායම් පමණයි. “

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here