Home Politics News Room : කම්කරු දිනය සැමරිය හැකි පරිසරයක් රටේ නිර්මාණය වී තිබෙනවා

News Room : කම්කරු දිනය සැමරිය හැකි පරිසරයක් රටේ නිර්මාණය වී තිබෙනවා

3
0

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

කැලෑ නීතිය අවසන් කර කම්කරු දිනය සැමරීමට හැකි ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් රටේ නිර්මාණය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක, පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථක මැයි දින රැලියක් පැවැත් වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. රටේ සෑම දිස්ත්‍රික්කයක්ම, සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය කරමින් කැම්බල් පිටියේ අපේ පක්ෂයේ දැවැන්ත මැයි දින රැලිය පැවැත්වීමේ වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා.

මේ මැයි දිනය කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන්ට තමන්ගේ මත ප්‍රකාශ කිරීමට තිබෙන දිනයක්. කොවිඩ් වසංගතයත්, අරගලකරුවන් මේ රට අසරණ තත්ත්වයට පත් කිරීමත් නිසා පසුගිය වසරවල අපට මැයි දිනය සමරන්න පුළුවන්කම ලැබුණේ නෑ. නමුත් අද අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ඒ සමඟ ඒකාබද්ධ වු සියලුම පක්ෂ එක්ක ඒකාබද්ධ මැයි රැලියක් මෙවර පවත්වනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්, මහජන එක්සත් පෙරමුණේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් මේ මැයි රැලිය සාර්ථක කරන්න කටයුතු සූදානම් කර තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ සියලුම වැඩ කටයුතු අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

අදත්, මේ මොහොතේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙනවා.

දැන් මේ වන විට රට ස්ථාවරභාවයට පත් වෙමින් පවතිනවා. රට ස්ථාවරභාවයට පත්වෙන කොට අපි දකිනවා මේ IMF එකත් එක්ක ගනුදෙනුව කරන්නේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න.”

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here