Home Politics News Room : ගිනි ගත් නැවේ අලාභය අය කර ගැනීම විශාල ගැටලුවක්

News Room : ගිනි ගත් නැවේ අලාභය අය කර ගැනීම විශාල ගැටලුවක්

3
0

හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අලාභය අය කර ගැනීමේ ක්‍රමවේදය අද දැවැන්ත ගැටලුවක් බවට පත්ව ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (25) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අලාභය අය කර ගැනීමේ ක්‍රමවේදය අද දැවැන්තම ගැටලුවක් බවට පත් වෙලා. ගිය සතියේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනිය පුවත්පතකට කියා තිබුණා, සිංගප්පූරුවේ අධිකරණයකට මේ නඩුව රැගෙන යෑම පිළිබඳව අය සිය විරෝධය පළ කරනවා කියලා. ඒ වගේම මේ සම්බන්ධයෙන් කාලය ගත වීම පිළිබඳවත් ඇය දිගින් දිගටම එම තනතුරෙන් ඉවත් වුණාට පසුවත් කතා කළා. ඒ අතර තමයි, ඊයේ දවස වෙනකොට කැබිනට් පත්‍රිකාව දාන්නේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ අලාභය අය කර ගැනීමට නඩු පැවරීමට.”

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here